À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිඑක්වැනි කොටහා

A+ A-

දෙනුවන් නිර්මලට ලියාපු ලිව්ම් කඩදහිය රෙදි කබඩ් එක අස්සට ගහලා ගියෙ කෑම කන්න. ඊයේ රෑම ලොකු බේබියි දෙනුවනුයි දෙව්මියි වලව්වෙන් ගියෙ ලොකු මැණිකෙයි ලොකු හාමුයි එක්කලා ලොකු වලියක් අල්ලලා. දැන් එයාලත් නැති නිසා මුළු වලව්වම පාළුවට ගිහිල්ල තියෙද්දි නුරාද නම් තාම දන්නැතු ඇති එයාලා ගිහිල්ලා කියලා.

මන් කුස්සියේ පැත්තට යනකොට කමනි නැන්දා මූණත් එල්ලගෙන පිටි කොටනවා. එයාටත් අද උදේ ආපු හැටියේ ලොකු මැණිකේ හොදටම බැන්නේ එයාගේ ළමයා නිසා දෙනුවනුත් නරක් වුනා කියලා.

” කොලුවෝ ඉදින්කෝ පොඩ්ඩක් මන් කහට එකක් වක් කරනකම්. පොඩි බේබීට ඒක ගිහිල්ලා දෙන්න “

නැන්දා මෝල් ගහ පැත්තකින් තියෙලා කහට වක් කරනකොට මන් මෝල් ගහ අරන් පිටි කොටන්න ගත්තා.

” අද කැම්පස් නැද්ද පුතේ “

” සෙනසුරාදට නෑ නැන්දේ “

” මට සිහියවත් නෑ නේ කොල්ලෝ අද සෙනසුරාදා කියලා. “

ලොකු හුස්මක් පාත දාලා කමනි නැන්දා මට කහට කෝප්පේ දෙද්දී මන් ඒකත් අරන් ගියෙ පොඩි බේබීගේ කාමරේට. මන් යනකොට  ඇදෙ ඉදගෙන ඈනුම් ඇර ඇර ඔලුවත් කස කස හිටපු පැටියා හිනා වෙලා ඇදෙන් බහින්න හැදුවේ පොඩි බේබී ගෙම්බා පොලේ ගැහුවා වගේ නිදන් ඉද්දී.

දුම් දාන කහට කෝප්පේ පැත්තකින් තියාපු මන් පැටියත් වඩා ගෙන ඇදෙ බිත්තියේ අයිනටම ගිහිල්ලා හුරතලේට හාදු දීගෙන දීගෙන ගියෙ චූටියා හිනා වෙවී මයෙ ඔලුවෙන් අල්ලද්දී.

” කෝ ඉතින් අයියට උම්මා නැද්ද ම්. මන් එහෙනම් ඔයාගේ අප්පච්චිගෙන් වත් උම්මා ගොඩක් ඉල්ල ගන්නම්..  ආ….. ව්‍… වා  “

මයෙ පස්සට චටාස් ගාලා අතුල් පාරක් වැදුනු හැටියේ ගැස්සිලා ගිහිල්ල බැලුවේ අපිට එහා පැත්තේ නිදන් හිටිය බේබී දිහා.

“  පැටියට මොනාද ඔය කියන කතා.. ම් උබ තමයි මේකවත් නරක් කරන්නේ “

” ඇහැරියාද “

” නැත්තන් මෙතැන අයියා මලෝ එක්කහු වෙලා ඇදෙ නටද්දී මන් කොහොමද නිදා ගන්නේ “

” බේබිත් එන්න ඉතින් අපි එක්කලා නටන්න. නේද පැටියෝ..”

මන් නුරාදවත් කරට අරන් බේබීට කහට කෝප්පේ දීලා එයාගේ නළලටත් සිපුමක් තියෙලා පැටියා එක්කලා ගියෙ එයාගේ කිරි එකත් දෙන්න.

නුරාදත් මයෙ කර වටේ අත් දෙකත් දාගෙන බඩ මැදින් කකුල් දෙකත් ඔතන් මන් කිරි මුට්ටියෙන් කිරි ටිකක් දාලා නිවන දිහා ඔහේ බලන් ඉන්නවා. කිරි බඩගිනි හැදිල වගේ.

” කොල්ලෝ මේසෙට ඇරියා කෑම ටික. දැන් කාලා ඉන්න.”

” දැන් නිර්මාල්ට කොහොමද නැන්දේ “

” අද උදෙත් කොල්ලට බෙහෙත් දාලා මන් ආවේ. කැක්කුම ටිකක් තියෙනවා. ඒකා දන්නෑ දෙනුවන් බේබී මෙහෙන් ගිහිල්ලයි කියලා. බලන්න කොල්ලෝ මාත් අපෙ එකාගෙයි බේබිගෙයි සම්බන්දෙ ඊයෙයි දැන ගත්තේ. මයෙ එකා බලන්න කරන දේවල්.  අද උදෙත් ඕකා සෝමෙගෙන් බැනුම් ඇහුවා. බලන්න මට මෙ වලව්වෙනුත් යන්න වෙන වැඩනේ මේකා කරන්නේ.”

කම්මුලට අතකුත් ගහගෙන කමනි නැන්දා කියෙව්වේ චීත්ත පොටෙන් කදුළුත් පිහ පිහ.

” කොහෙද යන්න හදන්නේ “

මන් කමිසේ බොත්තම් දදා ඉද්දි කාමරේට ආපු බේබී දොරත් වහලා මයෙ දිහා බලන් එහෙම අහනකොට මට‍ හිනා ගියා.  එයාට දැන් අමතක වෙලා වගේ මන් වත්තේ වැඩ කරනවයි කියෙලා.

” ඇයි මන් තේ වත්තෙ වැඩට යන්නෑ “

” ආ හා අද යනවද.. අප්පච්චි එන්න කිව්වද වත්තට “

එයා ඇසුත් ලොකු කරන් එහෙම කියනකොට එයාගේ ළගට ගියපු මන් මයෙ අත් දෙකෙන් ඒ ඉන වටේ ඔතා ගත්තේ එයාගේ මූණට හිනාවක් එද්දි.

“  හාමු කියෙලා තියෙන්නේ පුළුවන් වෙලාවත් ආවොත් එන්න කියලා. කොහොමත් මන් තේ වත්තේ වැඩට යනව. මන්ම හම්බ කරන සල්ලියක් මයෙ ළග තියෙන්න එපැයි මයෙ හාමු “

මන් ඔහේ කියෙව්වත් එයා එයාගේ ඇගිලි වලින් මයෙ භාගෙට විවර වෙලා තියෙන පපුවේ රෝම වලින් එක එක සෙල්ලම් දදා හිටියේ මේ ලෝකේ සිහියෙන් නෙවෙයි වගේ.

” ආ මට දැන් නේ මතක් වුනේ “

මන් එයා දිහාම බලන් ඉද්දැද්දි එයාට මොකක්දෝ එකක් මතක් වෙලා පණ කඩන් මයෙ ළගින් අයින් වෙලා දොරත් ඇරන් දිව්වේ මාත් ආතබූත වෙලා යද්දි. බේබී හාමුටත් මේ වෙලාවේම අමතක වෙච්ච එකක් මතක් වුනා නේ ඉතින්.
මන් තෙල් බෝතලෙන් තෙල් ටිකක් අල්ලට හලන් ඔලුවේ ගාලා ඇද රොදේ දාලා පීර ගෙන මල්ලත් අතට ගත්තා.

” මේ බලන්නකෝ. පන්තියේ ළමයෙක් මට දුන්නේ. ඔයා මනුජ දන්නවනේ. එයාගේ යාළුවෙක් අතේනේ කැමරාවක් තිබ්බේ. එකෙන් ගත්තු ඒවා මනුජ මට ගෙනල්ලා දුන්නා “

මන් දොරත් ඇරන් යන්න හදනකොට කාමරේට ආපු බේබී මයෙ අතට දුන්නේ ලිව්ම් කඩදහියක දාපු ෆොටෝ වගයක්. ඒ ටිකත් අරගෙන මන් ඇදෙ ඉද ගත්තේ නිදහසේ බලන්න ඕනී නිසා.

දෙයියනේ එදා බේබී මාත් එක්කලා තරහ වෙච්ච දවසේ ගත්ත එක එක ෆොටෝ. පැටියා මයෙ කරේ වදුරු පැටියෙක් වගේ එල්ලිලා මයෙ මූණ ඉඹින එකකුයි  මන් කටත් ඇරන් බේබිගේ උරහිසෙ ඔලුව තියන් නිදන් ඉද්දී බේබී හරි ලස්සනට ජනේලේන් එළිය බලන් කල්පනාවක ඉන්න ෆොටෝ එකකුයි   යාපනේ කොටුවේ මන් පැටියත් වඩා ගෙන කැමරාවට හිනා වෙලා ඉද්දී බේබීත් මයෙ ළගට වෙලා මයෙ දිහා ඔරවාගෙන බලන් ඉන්න ෆොටෝ එකකුයි   පැටියගේ එක එක විදිහට ගත්තු ෆොටෝ පහ හයකුයි     මන් මුහුදු වෙරළේදි ඉන්න තැනත් අමතක කරලා ඉස්සෙල්ලාම බේබිගේ කට කාපු විදිහ එක එක පැති වලින් ගත්තු ෆොටෝ තුන හතරකුයි   පන්තියේ ළමයි ටිකයි අපියි එකට ගත්තු  ෆොටෝ හතර පහකුයි                      
කොට කලිසමකුයි ලොකු කමිසෙකුයි ඇද ගෙන ඉන්න පොඩි බේබී දෙකට තුනට නැමී ගෙන වෙරළේ හක් ගෙඩි හොයන ෆොටෝ දෙකකුයි  හරි ලස්සනට තිබුනා වෙද්දී බේබිත් මයෙ ළගට වෙලා දිලිසෙන ඇස් වලින් ඒ ෆොටෝ කෑලි බලන් හිටියා.

” මන් කැම්පස් එකට ගිහිල්ලා එනකොට මේ ටික පරිස්සමට දාලා තියන්න ඇල්බම් එකක් ගෙන්නම්කො මන් “

” ඒ ෆොටෝ ටික හරි ලස්සනයි නේද. අපිත් කැමරාවක්‌ ගමු කෝ.  මට අපි තුන් දෙනාගේ මේ ෆොටෝ ටික දකිනකොට මට ආස හිතුනා නිලූෂ ෆොටෝ ගහලා ඇල්බම් හදන්න. එතකොට අපි දෙන්නාම වයසට යද්දි මේවා බලන්න පුළුවන් නේ “

“  අපි ඉක්මනට කැමරාවකුත් ගමු “

මන් මයෙ හාමු මහත්තයවත් තුරුල් කරන් ඒ මූණ සිප ගත්තේ එයත් මයෙ ඇගටම ගොඩ වෙලා ඒකම කරද්දි.

“  ලොකු බේබි වලව්වෙන් ගියයි කියලා ආරංචියක් ආවා නිලුවෝ ”

නුග ගහ යට වාඩි වෙලා උම්බලකඩ ලුණු මිරිසයි පොල් රොටියි කකා කහට කෝප්පේ අපි ටික තොල ගගා හිටියේ ඔහේ වල් පල් දොඩව දොඩව.

” ම් ඔව් ඊයේ රෑ ගියෙ. “

මන් සුනිල් ට එහෙම කියලා දොර පාරට ගියෙ කහට කෝප්පේ හෝදලා මූණ ටිකක් හෝදන්නත් එක්කලමයි.

උදැල්ලත් ගත්තු මන් සෝමේ මාමා ඉන්න තැනටත් ගිහිල්ලා කතා කරලා නවත්තපු තැනින් ආයේ පටන් ගත්තේ සුද්ද කරන්න. වැඩ ඇරිලා යනින් ගමන් කමනි නැන්දයේ ගෙදර යන්නත් ඕනී නිර්මාල්ට ලිවුම දෙන්න. කොල්ලට කන්නත් පලතුරු ටිකකුයි විස්කෝතු ටිකකුයි ගත්තා නම් හරි.

හවස් වෙද්දී නම් ගන්න දෙයක් නැ මයෙ අත් දෙකේම කර ගට දාලා උදලු මිට නිසා. මන් කඩෙන් ගස්ලබු ගෙඩියකුයි ඇපල් ගෙඩි දෙකකුයි චූටි චූටි සැර විස්කෝතු පැකට් දෙකකුයි අරන් ගියෙ නිර්මාල්ව බලන්න.

” තාම අරුනි ඇවිල්ලා නෑ වගේ වැඩට ගිහිල්ලා “

සුනිල් ගේ දිහා බලලා එහෙම කියලා එයාලයේ ගෙදර යද්දි මන් එයාලයේ අල්ලපු ගෙදරට ගිහිල්ල දොරට දෙතුන් තුන් පාරක් තට්ටු කරා.

ඒත් නෙවෙයි කිසි සද්දයක් වත් ඇහුනේ.   ජනෙල් පියනක් ඇරෙන සද්දෙට මන් එහෙ බලද්දියි දැක්කේ ජනේලෙන් ඔලුව දාන් මන් ඉන්න පැත්ත බලන නිර්මාල්ව.

” මේ නිලූ අයියනේ. මන් ඒත් බැලුවා කවුද කියලා. මොනාද අප්පේ මේ මටද මේ විස්කෝතු ”

දොර ඇරපු කොල්ලා කියවගෙන කියවගෙන ගිහිල්ලා මන් කොල්ලට මයෙ අතේ තිබ්බ මල්ල දෙන්න කලින් එකා හොම්බ දාලා එහෙම ඇහැව්වා.

” නෑ “

” එහෙනම් නුරාදටද ”

මන් නෑ කියපු පමාවට කොල්ලයේ මූණ කළු වෙලා ගියෙ මට හිනාවකුත් යද්දි.

” මේ ගෙදර ලෙඩාට “

මන් එහෙම කියලා මල්ල එයාට දෙද්දී කොල්ලා හිනා වෙලා මයෙ මල්ල අරන් ගිහිල්ලා එයාගේ කාමරේ තිබ්බේ ඒකෙන් එක විස්කෝතු පෙට්ටියක් අරන් කඩද්දි.  මේකා මාර යකෙක් නේ අමුත්තා ඉස්සරහම ගෙනල්ලා දුන්නු දේ කඩලා එවලේම කනවා.

” පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ අයියේ මන් බඩ්ඩක් හැදුවා. දැන් තමයි හදලත් ඉවර වුනේ “

මන් ඔහේ දොර පිලේ ඉදගෙන එළිය බලන් හිටියේ දෙනුවන් මෙහෙන් ගියා කියලා කිව්වොත් කොල්ලා කොහොම හැසිරෙයිද කියලා හිත හිතා.

” ආ රසිනි පිටම කන්න. අම්මා උයාපු කිරි හොද්දට මන් බිත්තර ගෙඩි දෙකක් තම්බලා දාලා රත් කරලා ගත්තා ”

මේකා මට දුම් දාන පිට්ටු පිගානයක් ළං කරගෙන හිටියේ හිනා වෙවී.

” කව්ද පිට්ටු හැදුවේ “

” මම අනෙ. මට‍ නිකන් ඉන්න කම්මැලි. ඉතින් මන් පිට්ටු හැදුවා “

” ඔය තුවාල වෙච්ච අත තියන් පිට්ටු හැදුවේ මොන පිස්සුවකටද. තුවාලේ පෑරුනා නම් එහෙම “

” කෑ ගහන්නැතුව නිවෙන්න කලින් කන්නකෝ අප්පා. මට‍ මොකුත් වුන්නෑ.”

දෙනුවන්ට නම් අනාගතේ සරුයි වගේ. කොල්ලෙක් වුනාට මොකද මේකට කමනි නැන්දගෙම අත් ගුණේ එහෙම් පිටින්ම තියෙනවා.

” රසයි පිට්ටු “

” තව දාන්නද එහෙනම් “

” එපා එපා ඇති නිර්මාල්. “

” කහට එකක් බීලත් යමු මන් වතුරත් ලිපේ තිබ්බා අයියේ ‘”

බුදුඅම්මෝ තව ටික වෙලාවක් හිටියොත් බේබී මාව හොයා ගෙනම තේ වත්තට යයි. උදේ එද්දි මට කිව්වත් එක්කලා රස්තියාදු ගහන් නැතුව ඉක්මනට එන්න කියලා.

” මන් කහට එකක් බොන්න වෙන දවසක එන්නම්. ආ මෙන්න දෙනුවන් දුන්නේ. ”

මන් මයෙ මල්ලේ තිබ්බ ලිවුම් කඩදහියත් දීලා මැටි කෝප්පේ අරන් ගියෙ කුස්සියේ පැත්තට.

” අනෙ….. අ යියෙ  එ එයා ගි යා ලූ “

මන් යද්දි එයා එහෙම කියලා ආයේ ලිවුම් කඩ දහිය කියවන්න පටන් ගත්තේ කදුළු කැට හෝ ගාලා වැටෙද්දී.

” එ යා කොළඹ නැවතිලා එහෙ ඉස්කෝලේට යනවලු. මාව බලන්න ඉක්මන් කරලා එ න්න ම් ලූ ”

“එයා එහෙනම් එයි නිර්මාල්. දෙනුවන් එයාගේ මේ චූටි අයියට හරි ආදරෙයි නේ”

මන් කොල්ලාගෙ ඔලුවත් අත ගාලා එහෙම කියලා ටිකක් වෙලා ඉදලා මන් වලව්වට එන්න ආවා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අයියා කාමරේට ගිය හැටියේ මාත් එයා පස්සෙන් ගියෙ මේකත් දෙනුවන්ට දිගට හරහට තලයි කියන බයට.  මන් යනකොට දෙනුවන් එයාගේ බඩු ටික අරන් දෙව්මිට දෙනකොට එයා ඒවා පිළිවෙලකට බෑග් එක ඇතුළට දානවා. අයියා ජනේලේ ළගට වෙලා එළියත් බලන් කල්පනාවක හිටියේ එයාට මන් ළගට ආවා කියලා වත් ගානක් නොවෙද්දි.

” අයි යේ  ඔයා දෙනුවන් මෙහෙම වුනයි කියලා මොකු…  “

” එයාගේ හැගීම් එහෙම වුනයි කියලා මන් මයෙ පුතාට ගහන්නෙවත් බනින්නෙවත් නෑ. හැබැයි මන් එයාව මේ වලව්ව ඇතුළේ නම් දවසක් වත් තියා ගන්නෑ පොඩි. මන් කැමති නෑ මයෙ ළමයි දෙන්නට කවුරුත් බනිනවට. ඒ මයෙ දෙමව්පියෝ වුණත් .”

ඒ කියන්නේ අයියට දෙනුවන්ව ප්‍රශ්නයක් නෙවෙයිද එතකොට.  මන් හිතුවෙම අයියත් පොඩි එකාටම ගහයි කියලා වුණත් අපේ අයියා එහෙම නෑ වගේ.

” අයියේ එතකොට දෙනුවනුත් ඔයාලා එක්කලාම ඕස්ට්‍රේලියාවේ ගෙනියනවද”

මන් එහෙම අහනකොට අයියා අපි දෙන්නා දිහා බලන් ඉන්න දෙනුවන් ළගට ගිහිල්ලා එයාගේ ළගින් හිට ගත්තා.

” මයෙ පුතා මොකද කියන්නේ අපි එක්කලා ඕස්ට්‍රේලියාවේ යන්න එනවද ම් “

” අප්පච්චි ම න් කොළඹ ආ ච්චිලා දිහා ඉදන් එහෙ ඉස්කෝලේ යන්න ද “

කොල්ලා බයෙන් බයෙන් වගේ මයෙ දිහත් බලලා අයියට එහෙම කියද්දී අයියා කරේ කොල්ලව බදා ගත්තු එක.

” පුතා දෙයක් මට‍ පොරොන්දු වෙනවද. එතකොට මන් ඔයාට කැමති කෙනත් එක්කලා ඉන්න මන් කැමැත්ත දෙන්නම්. හැබැයි දැන්ම නෙවෙයි. සුදුසු කාලේ ආපුහම මන් ඒ ගැන බලන්නම් ”

” ඇත්තටමද අප්පච්චි. මන් මොකද්ද කරන්න ඕනී ආ “

” මහ ලොකු දෙයක් නෙවෙයි. උබ හොද මනුස්සයෙක් වියන්. උබට තනියම මේ සමාජෙට මූණ දෙන්න පුළුවන් විදිහට තැනක් හදා ගනින් තනියම.  මේ අප්පච්චිට කියලාත් ඉන්නේ උබලා දෙන්නා විතරනේ බන්.  දැන් උබ මයෙ ළගින් ඈත් වෙයි.  හැබැයි උබ පස්සේ පුළුවන් නම් මයෙ ළගට වරෙන් පුතේ. උබට උබේ තැන හදා ගෙන මයෙ ළගටම වරෙන්. මන් බලන් ඉන්නවා.   මොකද මට මයෙ දුවට කියන්න බෑනේ මයෙ පුතාට වගේ ළගට එන්න කියලා. මට මයෙ පුතාට විතරයි කියන්න පුළුවන් ඒකත්. මයෙ පැටියා මට‍ පොරොන්දු වෙන්න ඕන්නෑ. උබට පුළුවන් නම් විතරක් පුතේ මන් කියාපු දේ කරන්න “

මයෙ අයියාගේ ඇස් කදුළු නිසා දිලිහෙනවා.

” මන් අප්පච්චි ගාවටම ඉක්මනට එන්නම්. හැබැයි ඒ එන්නෙ නම් තනියම නෙවෙයි හොදේ ”

දෙනුවන් හිනා වෙලා එහෙම කියනකොට අයියා හිනා වෙලා කොන්ඩේ අවුල් කරේ මායි දෙව්මිත් ඒ දෙන්නා ළගටම යද්දි.

මයෙ අයියයි දරුවෝ දෙන්නයි යන්න යද්දි මන් ගියෙ කාමරේට. මන් යද්දිත් පැටියා නිදි.

                          …….

මන් දවල් වරුවේ පැටියත් කාමරේ තියන් ඇද උඩට වෙලා දිගෑදිලා බැලුවේ අපි තුන් දෙනාගේ ෆොටෝ ටික.  මේ කොල්ලොන්ට පොල්ලක් අරන් තඩි බාන්න වටිනවා අර වෙලාවේදී ෆොටෝ ගැහුව එකට නම්. එක එක පැති වලට මුං ඒක ගහලනේ. මන් අච්චර දගලද්දි නේ මේ මනුස්සයා මාව පිඹුරෙක් වගේ ඔතන් හුස්ම ගන්න බැරි වෙන තරමට මයෙ තොල් ඉම්ඹේ. කමක් නෑ ඉතින් ගිය දේ ගියා නේ.

මන් ගත්ත අනික් ෆොටෝ එකේ නම් මන් හරි ලස්සනට ඉන්නවා. ඇති යන්තම් මන් ෆොටෝ කෑලි දෙකකට හරි ලස්සනට ඉන්නවා.

” පුතා මන් ඇතුළ ට එනවා “

අම්මයේ කටහඩ ඇහුණු හැටියේ දඩි බිඩි ගාලා ෆොටෝ ටික කොට්ටේ අස්සෙන් ගැහුවේ මේ අස්සේ අපි දෙන්නගේ හුටපටෙත් අහුවුනොත් කියලා.

” පොඩි මයෙ හිතට හරි නෑ වගේ දැන් නම්. පොඩි දෙන්නා නැතුව මුලු වලව්වම පාලුයි……   මුන්ගේ මේ කෙරුවාව නිසායිනේ මට තරහ ගියෙ “

අම්මට නම් දැන් ඇත්තටම දුක හිතිලා වගේ. ඒවුනාට ඊයේ හවස ඉදන් එයාලා මෙහෙන් යනකම්ම ආවේස වෙලා වගේනේ හැසිරුනේ.

” අම්මා ඊයේ කෑ ගැහුව එක නම් වැරදි . මොකද දෙනුවන් ආදරේ කරන්නේ නිර්මාල්ට මිසක් මුළු කොල්ලෝ සන්හතියටම නෙවෙයි. තමුන්ට ආදරේ දැනෙන තැනනේ නැවතෙන්නේ අ.. “

” උබටත් ලැජ්ජා නැද්ද පොඩි ඔය වගේ කතා කරන්න. මොන කැත වැඩක්ද උන් එහෙම හැසිරෙන එක. මයෙ ළමයෙක් ඔහොම වුනා නම් මන් ඔහොමවත් බලන් ඉන්නෑ පයින් ගහලා වලව්වෙන් එලවන්නේ. අපෙ ලොකු එකා ළමයිව හොද විදිහටනේ හුරතල් කරන්නේ. මාත් එක්කලා ඒ නැටිලි නම් බෑ පුතා “

අපෙ අම්මා එක්කලා ඒ ගැන කතා කරලවත් වැඩක් නෑ.  ළගදිම අපි තුන් දෙනාටත් එළි බහින්න වෙයි වගේ.  කොහොමත් හෙමින් හෙමින් හරි ඉන්න හිටින්න ගෙදරක් මේ නුවරින් ඈත පළාතක හදන්න ඕනී.

” අ පා…. “

සෙල්ලම් බඩුවක් අතින් අරන් ආපු පොඩ්ඩා අපෙ අම්මා දිහත් බලලා මයෙ ඔක්කට ඇවිල්ලා ඒ මූණ මයෙ පපුවේ ගහ ගත්තේ ඈනුමකුත් යව යව.

” මයෙ පැටියට බඩගිනිද වස්තු “

” ඔ “

මන් එහෙම කියනකොට පැටියා ඔලුවත් උස්සලා මයෙ දිහා බලන් ඔ කියලා ආයේ මයෙ අස්සට ඇවිල්ලා ගුලි වුනා.

” මන් යනවා ”

පැටියා මයෙ ළගට ආපු නිසාද මන්දා අම්මා ටිකක් තරහෙන් එහෙම කියලා යන්න යනකොට මාත් පහළට යන්න ගියෙ පැටියටත් බත් ඩිංගක් කවන්න.

දෙව්මි හිටිය නම් කියව කියව හරි ඉන්න තිබ්බා. පැටියා බයිසිකලේ පදිද්දී මන් කරේ බත් ගුලි ගිල්ලපු එක.  කොල්ලාට කවලා ඉවර වුනු මන් මයෙ බත් පතත් අරන් කොල්ලා ළගට ගියත් දැක්ක දේ නිසා කෑ ගැස්සිලා මයෙ පිගානත් බිම වැටුනේ පැටියව ගන්න ඒ හරියට දුවද්දී.

දඩි කහ පාට නයා පෙනේ පුප්පන් බයිසිකලේ ළග හිටියට මයෙ කොල්ලගේ බය වෙනුවට තිබ්බේ ඒ මූණේ ලොකු හිනාවක්.  පුදුමයි පණුවෙක් එහෙම දැක්කොත් බය වෙලා මයෙ ළගට දුවන් එන කොල්ලා මේකා දකිද්දී හිනා වෙනවා.

“  ප් පැටි යෝ “

හෙමින් සැරේ නුරාදට කතා කරපු මන් පැටියව විජහට වඩා ගෙන පස්සට වුණත් හරි නයත් ඉන්නවා අපෙ පැත්තට හැරී ගෙන.  බයිසිකලේ වත් අරන් තියන්නැතුව මන් පැටියවත් අරන් කාමරේට ඇවිල්ලා ජනේලෙන් අර නයා හිටපු දිහා බැලුවේ මයෙ පපුව බයටම වේගෙන් ගැහෙද්දි. නයි හාමිනේ යන්න ඇති. ඒකා අපි ඇවිල්ලා බලද්දී ඒකා නෙවෙයි එතැන පේන්නවත් හිටියේ.

දැන් නම් පහත් පහු වෙලා තියෙන නිසා මන් එළියට වෙලා පොතක් කියව කියව හිටියේ නිලූෂ එනකම්.

” පොඩි බේබී මේ ගොම්මනේ මොකෑ ඔය එළියට වෙලා. ඇතුළට ගියා නම් “

” මාමා කොයි වෙලේද ආවේ. ගොඩක් වෙලාද “

සෝමේ මාමා තුවායෙන් මූණ පිහ දදා මට ඇතුළට යන්න කියද්දී මන් බැලුවේ ඒ මාමා කොයි වෙලේද මෙතැන්ට ආවේ කියලා.    සෝමේ මාමට වැඩ ඉවරයි කියන්නේ නිලූෂට ත් වැඩ ඉවරයි කියන එකනේ.

” ගොඩක් වෙලානේ බේබී ඇවිල්ලා මන්.  ආපු ගමන් කහට ඩිංගක් මේ උගුරට හලන් ඇග පත ටිකක් හෝද ගත්ත මන්”

” නිලූෂ දැක්කේ නැද්ද මාමේ “

” ඒ කොල්ලා ඕන් සුනිල් කොලුවා එක්කලා එයාලයේ ගෙවල් පැත්තට ගියා මන් හිතන්නේ “

” හරි මාමේ “

පොතත් අරන් මන් ආවේ ඇතුළට. බොරුවට සීතලේ ගැහි ගැහි එළියට වෙලා ඉන්න ඕන් නෑනේ.   මන් යද්දිත් කිව්වා වැඩ ඉවර වුනු හැටියේ විගහට එන්න මන් බලන් ඉන්නවා කියලා. මේකා හොදට රෝන්දේ ගහන්න ගිහිල්ලා. ආවදෙන්කෝ මන් බලා ගන්න. සුනිල් එක්කලා මොකද දන්නෑ රෝන්දේ ගහන්නේ.

මන් රෑටත් කලින්ම කාලා ආවේ පොඩ්ඩා එක්‌කලා මයෙ කාමරේට. නුරාදට නිදා ගන්න කලින් සුදු කිරි එක්කලා බේබී විස්කෝතු කන්න පුරුදු වෙලා තියෙන නිසා මන් ගියෙ කුස්සියේ පැත්තට එයාට කිරි එකක් හදන්න.

” පොඩි බේබී කාමරේද මෙච්චර වෙලා හිටියේ ”

මන් කුස්සියට එනකොට කමනි නැන්දා වලනුයි පිගන් ටිකයි හෝද හෝද හිටියේ. එයා නම් තව ටිකකින් සෝමේ මාමා එක්ක කොහොමත් ගෙදර යනවනේ.

” ඔව් නැන්දේ ඇයි එහෙම ඇහැව්වේ “

මන් කෝප්පෙට කිරි පිටි ටිකකුත් දාලා ලාවට සීනි පොඩ්ඩක් කවලම් කරේ උණු වතුරත් වක් කරලා.

” නිලූෂ පුතා මයෙන් ඇහැව්වා පොඩි බේබී කෝ කියලා. එයා දෙතුන් තුන් සැරයක්ම කාමරේට එන්න ගියත් ලොකු හාමු හිටිය නිසා එන්ට බැරි වුනා කිව්වේ මට “

හොද වැඩේ. කොහොමත් නිදා ගද්දි මයෙ ළගට එන්නැතා මාව හොයන් . මන් ඉක්මන් කරලා පැටියගේ කිරි එකත් අරන් උඩට ගිහින් දොර වහ ගත්තේ ඇතුලින් ලොක් නොකර.

” අප්පේ ආ මයෙ පැටියගේ කුක්කු කිරි එක. ගුඩු ගුඩු ගාලා බන්ඩි පිරෙන්න බීලා හොදට නිදා ගන්න ඕනී මයෙ වස්තු කොටේ. අප්පච්චිට අද ලොකු නඩුවක් විසදන්නත් තියෙනවනේ “

පැටියටත් නින්ද ගියාට පස්සේ මන් බලන් හිටියෙම නිලූෂ එනකම්. ඒත් නෑ. අනෙ වෙලාව කීයද. දහයත් පහු වෙලා තියෙද්දිත් නිලූෂ නැති වෙද්දී මට එන්න එන්න දුක හිතීගෙන ආවේ මයෙ බලාපොරොත්තුත් නැති වෙද්දී .  කමක් නෑ මන් හරි ගිහිල්ල බලන්නම්කෝ මොකද මේ තාම නැත්තේ කියලා.

මන් නිලූෂගේ කාමරේ දිහාවට යද්දියි දැක්කේ එයාගේ කාමරේ ලයිට් එක තාම නිවලා නෑ කියලා.  එහෙනම් මෙලහකට එයා ඇත්තේ ලොකු වැඩක වෙන්නැති. මාත් බොරුවට කලබල වුනා නේ ඉතින්.

කෝකටත් මන් එයාගේ කාමරේ දොර ළගට ගිහිල්ල දොර අරින්න හැදුවත් ඒ ඇහුණු ගොර හැඩි පිරිමි කටහඩක්‌ නිසා මයෙ අත පහළට වැටුනේ මයෙ හිතත් නොසන්සුන් වෙලා විකාර විකාර සිතුවිලි වලින් මුළු හිතම පිරිලා යද්දී .

“  අ හා  à·„à·™ මින්  කොල්ලෝ “

     ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බුදුසරණයි හැමෝටම 🙏🙏

ගිහිල්ලා එන්නම් යාලූලා ❤️🤗

යාලූලාගේ වෝට් අදහස් වලට ගොඩක් ගොඩක් ස්තුතියි 🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

…………………………………………………..

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිඑක්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිඑක්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිඑක්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිඑක්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිඑක්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිඑක්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 22